Saturday, 29 January 2022

මිනිසුන්

 


විටක කදුලු ය විටක සතුට ය
පිටත මෙන් ම ඇතුළත් වෙස්ය
අවස්ථානුකූලව චරිතපිට චරිත පෙරලන
මිනිසුන් කියන්නේම බහු වෙස්ය

Friday, 28 January 2022

මනස


 බොහෝ මිනිසුන් ඇත සුන්දරව 
දකින විට මන පුනවන
ඇත වැදගත්ව මවන මන මොහ රූප
පිතට ඇති මොහ රූව
නැත ඇතුළතින් කිසිවිට
පිටත පරිපුර්ණ බව 
නැත මනස හිස් ය.
එක් රාමුවක එක දැක්මක 
රැදි ඉන්නා වුන් සැමවිට
නොදකි කිසිම දින
ඇත ලොකයක් වැටකඩුුුලු වලින් තොර.

Saturday, 22 January 2022

ගීත විචාර 03

කුකුළු හැවිල්ල


 ඇතැම් මිනිසුන් සත්තු එක්ක පණ මෙන් බැඳ‌ෙද්දි තවත් මිනිසුන් සතුන්ට හැඟිම් දැනිම් නොතිබේන ගාණට හිංසා පිඩා කරයි. අපි පණ වගේ ආදරයෙයෙ  අපේ දරුවෙක් මෙන් ඇති කරන සතේකු නැති වුනොත් කුමක් වෙයිද? අපගේ හදවතේ කෙතරම් ශොකයක් වේදනාවක් හට ගනිද?  අපේ සිතේ මොනවගේ සිතුවිලි හටගනිද?  තමා දරුවෙකු මෙන් සාදන කුකුළෙක් නැතිවිම නිසා පුද්ගලයෙක් තුළ ඇතිවෙන සිතුවිලි සමුදායක් තෙමාවට පදනම් කරගනිමින් කන්නලව්වක් පරිදි රැයිපියෙල් තෙන්නකෝන් විසින් කුකුළු හැවිල්ල නැමැති අපුර්ව පද්‍ය පන්තිය ක් නිර්මාණය කර ඇත. එය මේසේ ය.


දුදනොද බිඳ

ලද තෙද කඳ 

කඳ දෙව් රද 

සාමිනේ


දුර්ජන පුද්ගලයන්ගේ මානය බිඳ තෙජස් කන්දක් ලබා ඇති දේවියණි ලෙස දෙව් අමාන්ත්‍රණයක් ලෙස මෙය ඉදිරිපත් කරන කවියා අනුප්‍රාසාත්මක යෙදුම් යොදාගනිමින් කන්නලව්වක හා දේව වර්ණණාවක ‌ලෙස චිත්තරූප මැවේන පරිදි මෙම පද්‍ය ආරම්භ කර ඉදිරිපත් කරයි


මගේ කුකුළා නැසූ එකා

දදය ඔබගේ පාළු යකා

තව එක බුද දිනක් තකා

ඉන්නට ඉඩ නොකි මකා


දේව්යනි මගේ කුකුළා කවුර හරි නැති කරලා. ඔබ දන්නවද ඔහු මගේ කුකුළා විතරක් නෙවෙයි නැති කරලා තියේන්නේ ඔබගේ කොඩියේ ඉන්නේත් කුකුළෙක් මගේ කුකුළා ගිනිහින් ඔබේ කොඩියත් පාලු කරලා. එහෙම කරපු එකෙක්ව ජිවත් කරන්න එපා තව එක බදාද දිනයක්වත් ඉන්න නොදි මරන්න. යනුවෙන් තම වෛරය ප්‍රකාශ කරන පරිදි මෙම පද්‍ය පංතිය නිර්මාණය කර ඇත. ජිවිතයේ තමන් වැඩියේන්ම ආදරය කරන දෙවල් තවත් කෙනෙක් උදුරගත්විට දැනෙන කොපය, ශොකය, පළිගැනිමේ චේතනාව ආදිය මගින් මානවයා තුළ විවිධ සිතුවිලි ඇතිවෙන ආකාරයත්, එම සිතුවිලි නිසා මනවයා විවිධ දේ සදහා පෙළඹෙන ආකාරයත්, කුකුල් අයිතිකරු තුළින් කවියා මනාව ඉදිරිපත් කරයි.


බලා එල්ල

හෙළුව හෙල්ල

මුලැමැ බෙල්ල

මරුතැනේ


කතරගමට රුහුණු රටේ

හිඟා කාකා ලබන විටේ

පයින්ම ගොස් ඇවිදැ වටේ

පොළොවැ උලා නළල් ඇටේ

 

දේවියනි මට මේ විපත මේ විනාශය කරපු කෙනාට යහතින් ඉන්න කියන්න එපා. ඔය හෙල්ලෙන් බෙල්ල මුලටම ඇනලා මරන්න. ඔබ එහෙම කරොත් රුහුණු රටේ ඉදන් මං ලබන පාර පාරෙ හිඟා කාකා පයින්ම එනවා. ඒ ඇවිල්ලා පොළොවේ පෙරලි පෙරලි ඔබට වන්දනාමාන කරනවා. යනුවෙන් තම වේදනාව සහෘදයාට සමිප කරන රචකයා වෛරය කෙතරම් බලවත් ද, වෛරය සිතක හටගත් විට මිනිසා කෙතරම් අමුනූෂිය තත්වයට පත් වෙනවාද, ඒ වගේම තමා ආස කරන දෙයක් නැතිවිම කෙතරම් වේදනාත්මකව බලපානවද, ඒ වේදනාව මිනිසා පිට කරන්නේ කෙසේද, යන්න මෙම පදය පන්තිය මගින් රචකයා මනාව ගම්‍ය කරයි.


දිගට ඇදී

නැඟැ පැහැදී

මහ හඬදී

දෙවියනේ


රනින් කුකුළු රුවක් පුදමි

රිදියෙන් බිජු අටක් පුදමි 

රන් දුනු හී දෙකක් පුදමි

රුවට රිදි රුවක් පුදමි


කතර ගමේ

 බල මහිමේ 

දුටු ද ඒ මේ

හැමතැනේ


කියමින් නමකුරු ඔබගේ

බොළදුන්ගෙද කිරි තුඩගේ

රඟ දෙන්නට වඩම් අගේ

එකතින් හිමි සදනි මගේ


මට කළ මේ විපත අනේ

බලා ගන්න දෙවියනි

වැජැඹෙන නා මෙම විමනේ

බලැ නා සාමිනේ


ඔබ මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා දුන්නොත් මං ඔබගේ මෙම ස්ථානයේ ඔබගේ නම කියලා කෑ ගහලා බිම පෙරළි පෙරළි වන්දනා මාන කරනවා.ඒ විතරක් නෙවෙයි රත්තරනින් කරපු කුකුළු රුවක්, රිදියෙන් කරපු බිත්තර අටක්, රත්තරන් දුනු ඊතල දෙකක්, රැවට සමාන රිදී රුවක් දෙනවා. තමා ආදරය කරන සතා නැති විමත් සමග තමා තුළ කැකැරෙන වේදනාව හා ඒ වේදනාව නිසා ඇති වන සිතුවිලි කෙතරම්  වෛර සහගත වෙනවාද යන්න කවියා යම් හාස්‍ය රසයක් මතුකරමින් හුවා දක්වයි. එහිදී කුකුළාගේ වටිනාකමට වඩා සිය දහස් ගුණයක් තම වෛර සහගත සිතුවිල්ල වේනුවෙන් වියදම් කිරිමට කුකුළාගේ අයිතිකරු උත්සහ දරයි. එහිදී ඔහු දෙවියන් ද තමා වෙතට අද්දවා ගැනීම සඳහා දේවියන්ගේ බලේ ගැන, නම ගැනද වර්ණණාවට ලක්කරයි.වේදිකාවකින් උපදින සිතුවිලි කෙතරම් ප්‍රබල ද, ඒ සිතුවිලි මත පදනම්ව ගන්නා තිරණ කෙතරම් බොළද ද, අප වේදනාවක් මත පදනම්ව තමන්න්ටම කෙතරම් පාඩු කරගන්නවද, තමන්ගේ සිතුවිලි ඉටු කරගන්න අනෙක් පුදිගලයන්ව පාලනය කරන්නට පෙළඹෙන ආකාරයද මෙම පදය පන්තිය මගින් රැයිපියෙල් තෙන්නකෝන් රචකයා විසින් මනාව ඉදිරිපත් කරන අතර එය තවත් තහවුරු කිරීමට රචකයා විසින් නා ගසේ වැඩ ඉන්න නාග දේවියන්ටද කුකුළළු අයිතිකරු ආයාචනා කරන ආකාරය දක්වනු ලබන ‌ලෙස සාර්ථකව මෙම පද්‍ය පන්තිය නිර්මාණය කර ඇත.

ගීත 1

 හැකිද පායන්න


හැකිද පායන්න තරුවක් විම

බලාන ඉන්නම් මං ඈතට විම

දැන්වත් පවසන්න ආදරේ දැනුනාද

නැතිනම් පවසන්න තවමත් මදි විද


මේ ඇස් පියවෙන්නේ ඔය ඇස් සිහි වෙන්නේ

මතකය නම් තාමත් ඝන ඇදුරින් දැවටේන්නේ

ලස්සන හදක සිසිලස වින්දාට

තවමත් බැරි වුයේ ලං වෙන්නට


මතකය පාරන්න තව මා අවුලන්න

දුරකට විම ඈය හා හින හෙන්න

රිදෙනා හදවතට මතකය පහරකින්

වදිනා විටදී නම් රිදුනා හොදටොම


යන්නම් ඇතටම නොපෙනෙන දුරකටම

පාළු මාවතක නොපෙනෙන දුරකටම

සොයාන එන්නට නම් සිතුනොත් යලි දාක

සොයාන එන්නට එපා මා දැන් දුර ඇත




ගීත විචාර 02

 පොඩ්ඩියේ


සමාජයක් තුළ විවිධාකාර මිනිසුන් ජිවත් වන අතර බහුතරයක් මිනිසුන් තමන්ගේ වැරදි නොපෙන්වා අනුන් හිංසාවට පිඩාවට පත්කරම්න් විවිධාකාරයෙන් කුරිරු සතුටක් ලබයි. එවැනි මිනිසුන් අතින් තමන්ගේ අම්මා ගණිකාවක් විම නිසා සැවොම සතුටින් ඉන්න අවශ්‍ය දවසක් වන අලුත් අවුරැද්ද තුළ තමන්ගේ අම්මාට වදින්න බෑ කියන නංගිට අයියා කෙනෙක් ලබාදෙන උපදෙසයක් හා තරවට්ටුවක් ලෙස ටිම්රන් කිර්තිගේ පද රචනයෙන් හා සුන්දර බන්ඩාර‌ගේ ගායනයෙන් අපුර්ව නිර්මාණයක් නිර්මාණය කර ඇත. ඒය මෙසේය.

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම

වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කොම

බක්මහේ කොවුල් බින්ජු පුපුරණ දාක

නංගියේ අම්මාගෙන් උඹ ඉල්ලනවද ගෙම

ආදරණිය ආමන්ත්‍රණයකින් තම සොහොයූරියට කතා කරන සහොදරයා ඇයට උපදේශයක් දෙන්නේ මෙසේ ය. පොඩ්ඩියේ මිනිසුන් මොනවා කිව්වත් උබ මොනවා හිතුවත් අම්මා කියන්නේ අම්මාටමයි. උබ ඔහොම කරා කියලා එක වෙනස් වෙන්නේ නෑ. සමහරවිට ඈයට වරදින්නේ ඇත්තේ අපි නිසා වෙන්න පුළුවන්. ඇයට අපිව උස්මහත් කරන්න අපිව රැකගන්න එහෙම කරන්න වෙන්න ඇති. ඉතින් නංගියේ එහෙම අම්මා එක්ක අද වගේ වැදගත් සතුටින් සාමයෙන් ඉන්න ඕනි දවසක උබ ඔහොම දබර කරනවද? ලෙස ආදරණිය ලෙස තම සහොදරියට උපදෙස්  ලබාදෙන උගත් සහොදරයෙකුගේ ලක්ෂණ ප්‍රතිනිර්මාණය වන ආකාරයට මෙම ීතය රචකයා විසින් මෙසේ ආරම්භ කරයි.

තනේ කඩා විසිකර පත්තිනි වි නම්

අනේ හමතේ අපි මැරිලා එහෙනම්

වනේ පාරන්නේ වන එල විස වි නම්

නගේ දැන් යමන් පඬි පුර ගිනි තියපන්

 

තම සහොදරියට නිවැරදිව උපදෙස් දිම සදහා අතීත පුරාණ කතාවක් උදාහරණ කර ගන්නා සහොදරයා තම සහොදරියට මෙසේ පවසයි. නංගියේ උබ දන්නවාද පත්තිනි දෙව් ගැන. ඇය කන්නකිව ඉපද ඉන්නා විට ඇයගේ ස්වාමියා තමයි කොලන්. උබ දන්නවාද මේ කොලන් කන්නකිගේ පා සලඹක් අරන් ගිහින් මදුරාපුරේට විකුණලා තියෙනවා.ඒ දවස්වලම මදුරාපුරේ රජ්ජුරුවන්ගේ බිරිඳගේ පා සලඹත් නැති වෙලා. එකත් කන්නකිගේ පා සළඹ වගේමලු. ඉතින් මෙකට මේ කොලන්ව අහුවෙලා තියෙයි. එක නිසා ඔහුව මරන්න නියම වෙවෙ තියෙයි. උබ දන්නවද එතකොට කන්නකි මොකද කරේ කියලා. ඇය එතනට ගිහින් ඇගේ පතිභක්තිය පෙන්නලා ඇගේ සැමියාව බේරගන්න ඇගේ එක පියයුරක් කඩලා අරන් පොළේ ගහලා මුළු මදුරාපුරේම ගිනි තිබ්බලු. උබ දන්නවද නංගියේ අපේ අම්මට එහෙම බලයක් නෑ. අපේ අම්මාත් පත්තිනි වගේ පතිභක්තිය රැකගෙන හිටියානම් අපිට කන්න බොන්න නැතුව අපි මැරිලා. උබ දන්නවද පත්තිනි මැණියො තරම් අපේ අම්මා උසස් නෑ. ඒ වුනාට ඇය හින්දයි අපි තවමත් ජිවත් වෙන්නේ.  උබ කියන්නේ මිනිස්සුන්ගේ කතා නිසා උබට මේ කිසි දෙයකින් වැඩක් නෑ කියලාද ?ආදි වශයෙන් සහොදරියටගේ හදවතට දැනෙන්න කතා කරන උපදෙස් අනුශාසනා දෙන ගුණවත් සහොදරයෙක්ගේ චරිතය මවන ආකාරයකින් මෙම ීතය ගලා යයී.

 

සතා කියා ඉදහිටකදි කිවට

කතා හදන උන් සේරම බොසත් ද

යකා වැඩෙන්නට පෙර උබේ අයියාට

කතන්දර එපා වැදපන් අම්මාට

 

මෙතරම් වේලා ආදරයෙයෙ සහොදරියට උපදෙස් ලබාදෙන අයියා යම් තරවට්ටුවක් ලෙස ද තම සහොදරියට උපදෙස් ලබා දේ. නංගියේ උබ දන්නවද මිනිස්සු කතා කියනවා. එක අපට නතර කරන්න බැහැ. උබ හිතනවද ඒ කතාන්දර කියන අය අපේ උතුම් බෞධිසත්වයන් වගේ පිරිසිදු, වැරදි නොකරන අය කියලා . නෑ නංගියේ නෑ. උන් ගාවත් වැරදි තියෙන්න පුළුවන් උන් එවා දකින්නේ නැතුව ඒවා හදා ගන්නේ නැතුව අනෙනෙ අයට ඇඟිල්ල දික් කරන්න පුළුවන්. උබ ඔය කතාන්දර අහලා ඔවා කියවන එක නතර කරපන්. ඔවා කියොලා අම්මා එක්ක වාදේට ගිහින් මේ අයියාගේ කෙන්තිය අවුස්සන්න එපා.

 

දං කද නැති දාක රංකද වි පෙනිලා

ලොකු හාමුදුරුවෝ අණකර බනපද එන්වා

මුචලින්දගේ ඇහේ නයි කදුලක් නැටුවා.

අපේ අම්මා බණ කතාවක් බුදු ගෙයි ලිව්වා

 

උබ දන්නවද නංගි මේ ලොකේ ගොඩක් මිනිස්සු ආත්මාර්ථකාමී අය. මොනදෙයින් වුනත් වාසි ගන්න බලා ඉන්නේ. උබ දන්නවද මිනිස්සුන්ගේ හිත නිවන මිනිසුන්ට පුජනීය ස්ථානයක් තමයි පන්සල. උබ දන්නවද නංගියේ මේවගේ පුජනීය ස්ථාන වලත් ඉන්නවා බොරුව මවාපාන බොරු වෙස්ගත්තු මිනිසුන්. දන්නවද දවසක් පන්සලට දානේ නෑ කියලා ගෙන්න පණිවිඩයක් ආවා හමුදුරුවන්ගෙන්. උබ දන්නවද ධර්මය දෙසනා කරන්න ඕනි උන්වහන්සේ අපේ අම්මාට අමුතුම දේශනාවක් දිලා තියෙන්නේ. උබ දන්නවද පොඩ්ඩියේ මිනිස්සු සැනසීම නිවිම හොයාගන යන තැන්වලිනුත් මිනිසුන් පිච්චේනවා. හැමොම බලාන් ඉන්නේ තමන්ට අවශ්‍ය දේ කරගන්න. උබ කියන්නේ මෙහෙම වෙන්නේ අම්මාගේ වැරදි වලින් විතරයි කියලාද නෑ පොඩ්ඩ්යේ නෑ. ඇයට මෙහෙම වෙන්න මේ සමාජයත් බලපෑවා. මේ සමාජෙ පෙන් තරම් සුන්දර නෑ පොඩ්ඩේයේ. සෑම මිනිසෙක්ම පරිපුරණත් නෑ. ආඳි ලෙස තම සහොදරියට උගත් බුද්ධිමත් සහොදරයෙක් ලෙස උපදෙස් දෙන ලෙස මෙම ගීතය නිර්මාණය කර ඇත.

 

රත්වුණු යකඩ ලොකුරු ගැහැණුත් තැනුවා

මත්වුණ බඹරු ඉටිමල් පොකුරේත් වැහුවා

ඇත්තට ලොකේ ගැන උබ දන්නේ මොනවා

පත්තිනි සලුවලත් ඇත් තුත්තිරි තිබ්බා

 උබ දන්නවද නංගියේ මිනිස්සු තැලෙන්න තැලෙන්න තමයි ශක්තිමත් වෙන්නේ. උබ දන්නවද නංගියේ ලොහ වැඩ කරන කාන්තාවනුත් යකඩ රත් වුණාහම තලනවා ඒවගේ තමයි බඹරු පෑණිවලට පිස්සු වැටිහ ඇවිදිද්දි උන්ට ඉටිමල් පොකුරක් හම්බ වුනොත් එකෙත් වහනවා.  උබ දන්නවද මේ ලොකේ මිනිස්සු විවිධාකාරයි. උබ ඇත්තටම මේ ලොකේ ගැන දන්නේ නෑ නංගියේ. මිනිස්සු පෙන ස්වරූපයට වඩා ඇතුළතින් ගොඩක් වෙනස්. හොද මුණක් පෙන්නන මිනිස්සුත් අපි හිතනවාට වඩා වෙනස් වෙන්න පුළුවන්.

 

ආදරණිය ලෙස තම සහොදරියට උගත් භාවයකින් හා දැනුමෙකින් යුතු සහොදරයෙයෙ සමාජය ගැන දැනුම තම සහොදරියට සංජානනය කරන්නට හා තමාට ලැබූ  මවගේ වටිනාකම ඇයට කියා දිම සදහා  සමාජ සංසිද්ධීන් අතරින් පහදා දිමට ගන්නා උත්සාහයක් ලෙස මෙම ගීතය නිර්මාණය කර ඇත. මෙම ීතය ඉතා අගනා නිර්මාණයකි. නමුත් මේය ශ්‍රවනය කරන මා හට ඇතැම් අවස්ථාවලදී මේය ගාණිකා වෘත්තීය සාධාරණිකරයක් කරන්නට උත්සාහ දරන්නේද යන ගැටලුවක් ද පැන නගිනු ලබයි. කෙසේ වුවද සමාජ සංසිද්ධීන් මවමින් නිර්මාණය කර ඇති මෙම ීතය ඉතා අගනා නිර්මාණයක් බව නම් අනිවාර්යයෙන් පැහැදිලි කරුණකි.




Wednesday, 19 January 2022

කතරක අසිරිය

නොවේද ලස්සනක්


 වසන්තය
නුඹ නම් පුදුමයක්
දුවයි මිනිසුන්
හතිලමින් නුඹේ පසුපසම

ඉඩොරයට බැණවදින
උන් කියයි ලස්සනම නුඹ
මල්මාවතක යාමද
ලස්සනම ජිවිතයට

කර්කෂක පොළොව මත
කදු බෑවුම් ගල්තලා මත
නොවේද ලස්සනක් සෑබෑවට
වසන්තය මෙන්ම




Friday, 14 January 2022

විසෙකාරි

 ඔව් ඒ මම තමයි

හින් හිරිකඩක තෙමෙන්නට
අහස් ගැබ තුළ හිස හොවා
වරුවක් හිදින්නට
පුර පෝදාක හඳ දෙසම බලන්නට
තාමත් කැමති විසෙකාර කෙල්ලමයි
මම තාම

ගිගුරුම් දෙන වර්ෂා මැදත්
සුන්දරම අහස් ගැබ තුළත්
තවමත් එදා මෙන්ම
විවිධ ජිවිත දකින
විසේකාර කෙල්ලමයි මං තාම

තොරක් තොරොංචියක් නැතුව
සිතු දේම පවසන
අනුන් ගැන සිත සිතා
නිතර පැළෙන ළය දරන
ඔව් ඒ මම තමයි
විසේකාර කෙල්ල තාම

පිටත පෙනුමෙන් ඇද අසන
නොපෙනෙන ස්වරූපම ධරන 
සෑබෑ කලියකි මමද
මිනිස් වෙස් මතින් පැරෙන

දහසකුත් කතා මැද
කකියන ළය දොත ධරන 
ඔව් ඒ මම තමයි
විසේකාර කෙල්ල තාම





ගස්

වෙන්න නුඹත් ගසක්



කර්කෂක පොළවෙත්
සරුසාර පොළවෙත්
නැගි සිටින්නේ ශක්තිවන්තයන්මයි

ගිනි ගහන අව්වේත්
ජල පොදක් නැති පොළවේත්
නැගි සිටින්නේ ශක්තිවන්තයන්මයි

හිරු සිඹින කතරෙත්
හිම වැටෙන ශිතලෙත්
දරන් නැකිටින්නේ ශක්තිවන්තයින්මයි

සැඩ සුළං මාරුතවල
ඇඹරි වැටි නැකිටින
සැඩ දිය පහරවල් වලත්
දරාගෙන ඇඹරිගෙන
වස්සානේ මෙන්ම ගිම්හානෙත්
හරි ලස්සනට හින හී ගෙන
සෙවන බෙදයි ලොකයට

හැකිනම් ඔබට
වන්නට ගසක්
ඔබත් ශක්ති වන්තයෙක්



Wednesday, 12 January 2022

ගීත විචාර 01




හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
 දුම්රිය පොළ පෙම්වතුන්ගේ සරසවි උයන


සරසවිය කෙතරම් සොදුරු ස්ථානයක් ද සමරුන් එහි මිහිරිමතකයන් විදිද්දි ඇතමුන් එහි අමිහිරි මතකයන් වලින් මිරිකෙනවා ඇති.
2003-2004 වර්ෂයේ අපුර්ව සිදුවිමක් වෙනවා පෙරදේණි සරසවිය තුළ. මෙම සරසවියට සුපිරි මොළකරුවෙක් තෙරෙනවා පොල්ගහවෙල පැත්තේ ඉදන්. මොකද දන්නවද ඔහුට සුපිරි මොළකරුවෙක් කියන්නේ ඔහු තෙරෙන්නේ මුළු ලංකාවේන්ම 10 දෙනෙක් විතරක් තොරගන්න භූ ගර්භ විද්‍යාව හදාරන්න. පවුලේ එකම දරුවා වෙන මොහුට කැම්පස් එකෙන් ලැබෙන කාඩ් එක තමයි බොනපාට්. බොනපාට් ගැන කියන විදිහට නම් හොද පෙනුමක් මෙන්ම අවංක පුද්ගලයෙක් තමයි මොහු. 

 මේ බොනපාට් පොල්ගහවෙල පැත්තේ ඉදන්ම එන තරුණියක් එක්ක පෙම සම්බන්ධතාවයක් පටන් ගන්නවා ඇයගේ නම සොබනි. දුම්රිය පොළක් සහිත එකම සරසවිය පෙරදේණිය සරසවිය විම නිසා මොහුන්ට එන්න යන්න කිසිම අපහසුවක් තිබ්බේ නැ. මොහුන් දෙදෙනා නිවාඩුවට ගෙදර ගියේ ආවේ කොච්චියේ එකටලු. ගෙවල්වලින්වත් මෙම සම්බන්ධයට කිසිම විරොධයක් තිබිලා නෑ. මොහුන් දෙදෙනා ගොඩක් ආදරයෙන් හිටියාලු. ටික කාලයක් යද්දි සොබනි මෙම බොනපාට්ව අතහැර වෙනත් සම්බන්ධන් පටන් ගත්තාලු. සංවේදි හිතක් තිබ්බ බොනපාට්ට මෙක දරාගන්න බැරි වෙලා තියෙයි.

 ඔහු හොරෙන්ම සරසවිය තුළින් ගත්ත රසායනික කැට වාගයක් අරන් හාන්තානේ මාක්ස් නෙවාසිගාරයට පිටුපස ඇති ෆයිනස් කැළයට යනවා. ගිහින් අවසන් වරටත් සොබනිට කොල් එකක් ගන්න උත්සාහ කරනවා. ඒත් මොකක්දෝ හේතුවක් නිසා එම උත්සාහය අසාර්ථක විමත් සමග සුපිරි දක්ෂයෙක් සංවවේදී හිතක් ඇති මොළකරුවෙක් ‌මෙළොවින් සමුගන්නවා. 

 මෙම අමිහිරි මෙන්ම සංවේදි කතාව පාදක කරගනිමින් විශාරද පුජ්‍ය කවි කිර්ති හිම්ගේ පද රචනයෙන් ද රොෂාන් ප්‍රනාන්දු ගේ ගායනයෙන් හා දෙනුවන් කවුෂන්කගේ සංගීතය තුළින් හමුවෙන්නට සමුගන්නට ගිතය නිර්මාණය වෙනවා.

 හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
 දුම්රිය පොළ පෙම්වතුන්ගේ සරසවි උයන
 අවුරුද්දම තුරුලිය ගොමු මලින් සැරසුන
 අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

 අපි තනිවුණු විට අපේ සුන්දර මතක අපේ හිත පාරවමින් මතක් වෙනවා. බොනපාට් තනි වුනාහමත් ඔහු දුම්රිය පොළින් එද්දි යද්දි සරසවිය තුළ ඔවුන් ගත කළ සුන්දර මොහොතවල් මතක් වෙලා ඔහුගේ හදවත කකියන්න ඇති. ඔයා මං ගාව නැතත්, තාම මේ මග දෙපස ගස්වැල් වල මල් පිපිලා හරිම ලස්සනයි. ඒ දවස් වගේම. අපි වෙන් වුනත් පරිසරය තාම හරි සුන්දරයි. හරියට අපි දෙන්නා අයේ එනකම් බලන් ඉන්නවා වගේ.තනිකමින් මිරිකුණ බොනපාට්ට මෙහෙම දැනෙන්න ඇති.

 මලක නැවුම් සුවඳ පිරුණු සොදුරු මද නළ
 ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවන
 සද ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
 ඔබ ඇවිදින් ගිහින් මගේ හිතත් අරගෙන

 මෙම පරිසරයේ ගස් වැල් මල්වලින් පමණක් නෙවෙයි මේ හමන සුළගින් පවා හමන්නේ ඔයගේ මතකය. මේ හැම දෙයක්ම දකින මගේ හදවතට හිතේන්නේ මෙ සිදුවිම් සියල්ල ඔයා කො? ඔයා ‌කොහෙද? කියලා අහනවා වගේ. ඉර කෙතරම් අවශ්‍ය වුවත් මිනිසුන් ආස හදට. මොකද හද තමයි මිනිස්සුන්ට සැනසීම සෞම්‍ය ලබා දෙන්නේ. ඔයා දන්නවද මගේ ජිවිතයේ සැනසීම තමයි ඔයා. ඔයා ගියායින් පස්සේ මගේ මුළු සැනසීම නැතිවේලා. ඔයා ගියේ නිකන් නෙමෙයි මගේ ජිවිතේ සැනසිමේ හදත් අරගෙන. 

 නෙතින් නෙතට එබි බලා ගන්න හදවත
 ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
 ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනු කදුලට
 බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම

 මගේ ඇස් දිහා අයේ බලන්න. මගේ ඇස්වලින් දකින්න මගේ හදවත. මේ හදවත පෙරුම් පුරාගෙන ඇවිත් තියෙන්නේ ඔයා වෙනුවෙන් මයි. ඔයා නැතුව ජිවිතයක් නෑ මට. මේ හදවතට ඔයා වෙනුවෙන් හඬන්න දෙන්න එපා එක දරාගන්න බැරි වෙයි මට.සොබනි හැරගියාට පසුව බොනපාට්ට ඇතැම්විට මෙහෙම හිතෙන්න ඇති. 

 ඔහුගේ හිතට ඇතුළු වන රචකයා හරි අපුරුවට මෙම සිදුවීම මෙසෙ සුන්දරව අර්ථ ගන්නවා ඇත. 

ඇතැම්විට සොබනිටත් කවුරුත් නොදන්න කුමක්ම හරි හේතුවක් තියෙන්න ඇති බොනපාට්ව අතාරින්න. ඇයට උවමනා නම් ඔහුව අතාරින්න ඇයට තිබ්බා එය ඔහුට නිවරදිව තෙරුම්කරදි ඔහුගේ සිත සදාගන්න පුළුවන් විදිහට එය කරන්න. බොනපාට්ටත් තව හිතන්න තිබ්බා තමන්ගේ දෙමාපියන් ගැන. තමන්ගේ හින ගැන. තමන්ගේ මහන්සිය ගැන. මොකද අවුරුදු එකකට දෙකකට ලගට ආව අයට වඩා ජිවිතේ වැදගත් නැද්ද කුඩා කාලයේ සිටම අපේ දුකට සැපට ඉන්න දෙමාපියන්.එහෙම හිතලා තිරණ ගත්තා නම් සුපිරි මොළකරුවෙක් තවමත් අප අතර ඇත.

Tuesday, 11 January 2022

අයිති නැති සිතක්

මට දුර නුඹ


 දුරම දුරයි නුඹ
ක්ෂිතිජයක් මෙන්ම 
දැවටෙන්නට හිතයි මට
ඔය උණුසුමේ පහසේම
නමුත් නොහැකි මට
එන්නට නුඹේ සෙවණට

ජිවිතයට මග පෙන්වු
 සිහිනයකි නුඹ මට
බිද වැටේන ජිවිතයට
පඩි තබයි නුඹ
දන්වමින්...
 නොවැටෙන ලෙසට

දැවටෙමින් ඔය පහසේම
සිප ගන්නට සිතයි ඔය දෙතොල
අයිති නැති සිතක
නොහැකි  දැවටෙන්න මට
සමුගන්නම් නොකියාම
මහමෙරක් ආදරය



Sunday, 9 January 2022

මමයි මහා කළු කුමර මොහිනි


මහා කළු මොහ

 පාළු මාවත අද්දර
ගමන් ගන්නා තරුණියන්ව
සෙල්ලක්කාර සල්ලාලයන්ගෙන්
බේරලා ඇරලවන මට
කියයි කළු කුමාරයා සැවොම
හමේ පාටට නම් තබන
පිටත පෙනුමෙන් මිනිසුන් මනින
නොමිනිසෙකු නොවේමි මම
මමයි කළු කුමාරයා 
තරුණියන් රකින

ගේ දොර මුල්ලේ නැත 
එක හල් ඇටයක්වත්
ගෙදර නැත එක බඩුවක්
විකුණයි මිනිහා ගිනි මතට
එරෙන්නෑ කිරි දෙන්නට
ඇව්ලෙන ගිනි කන්ද මත
නිතරම ඉල්ලයි හඬා වැළප සැනසෙන්නට
පිය සෙනෙහස නිතර
වැනි වැනි වැටි වැටි එන
නුඹේ පියයි එන්නේ පුත අර
දිගු කරා මම නුඹව
නුඹට සැනසිමට මට විවේකයකට
වැළඳ ගන්නේවත් නැතුව නුඹ
ඔහු දුවයි අමතමන්
මොහිනි කියා මට


බිමතින් එන නුඹේ සැමියා පුුතු
බිලා වැටෙන විට කණු වලවල් වල
නැකිට්ටිමට කොන්දට ගැසු මට
අමතයි මහා සොනා ලෙසට
බෙල්ල පිටුපස කද ඉදිරිපස
නිතර කිව්වත් නුඹලා මා හට
නුඹලා මෙන් නොව මගේ නම් නැත
ඇතුළ පිටතට පෙරෙලෙන සැගුණු හිත 




මා නොවන ඇය නොවන ඈ

 

ලිසා



ක්‍රිරික්... ක්‍රිරික්... ක්‍රිරික්.. කරුමක්කාර ඔරලෝසුව අදත් හිමිදිරියේම නාද වෙන්නේ ලිසා අවදිවිය යුතු බව දන්වමින්ය. ගසක වෙලි ඇති වැලක් ගසකින් අමාරුවෙන් ගලවා ගන්නක් මෙන් ඇලි මැලි ගතිය කඩමින් බැරි බරගාතේම ඇදෙන් නැගි ඉවත්ව එලාම් එක ඔෆ් කෙරු ඈ අදුරෙම අතපත ගාමින් ලයිට් එක දැමුවේ ඇයටම ශාප කරමින් ය. කම්මැලි කමින්ම ඇය කාබරයේ එහා මෙහා යමින් අද සුදානම් විය යුතු ඇදුම සෙව්වා ය. "හරි හම්බ වුණා" ජයග්‍රාහී අන්දමින් පැවසු ඈ එය පසකින් තබමින් එළියට බැස ගේ ඉදිරිපිට ඇති දොළට ගියේ මුහුණ අතපය සොදා පිරිසිදු විම සඳහා ය. එම රාජකාරිය නිමාකර නැවතත් කාබරය වෙත පැමිණ ඇයගේ රැකියාව සදහා යාමට සුදානම්ව ඇද පැළඳගත් ඇය කාණ්ණාඩිය ඉදිරිපිට සිටගත්තේ ඇගේ හැඩ වැඩ බැලිම සඳහ යි. "ලස්සනයි", "ඔයා ගොඩක් ලස්සනයි" ලිසා. "සුරංගනාවියක් වගේ". "මගේ ලස්සන කෙල්ල ඔයා" ඇය ඇයටම මුමුණමින් වේලාව බැලුවේය. ම්.. තාම 5.35යි. පැවසු ඈ තේ එකක් ද සාදාගෙන බැල්කනිය වෙත ගියේ ඇගේ ජිවන ප්‍රදේශයේ සුන්දරත්වය විදිමටය. 

කඳු පංති අතරින් මැදිව කොළපාටින් පිරුණු පරිසරයකට මැදිව හුදකලාව පැවති ඇගේ දෙමහල් නිවස සැබවින්ම අපූර්ව රටා පාන්නකි. "ඔහු ඇයව වැළඳ ගන්නවා", "නෑ නෑ කව්ද කෙනෙක් රන් අසිපතකින් ඔවුනව ඉරා දමනවා". "ඔවුන් කැලි කැලි ව විසිරේනවා" ඇය කඳු පංති සහ ඝන මිදුම් පටල ඉරමින් වැටෙන හිරු කිරණ දෙස බලමින් මිමිණිය. තවත් මද වේලාවක් ඒ දෙසම බලා සිටි ඇය තේ එකද පානය කර අහවරව නැවතත් කාබරය වෙත පැමිණ වේලාව බැලුවේය. හ්ම් හයටත් වේලා දැන් යන්න ඕනි කියා මිමිණුව ඈ දොරවල් වසමින් මිදුලට බැස අඩි කිහිපයක් ගොස් අහස දෙස බලා සිටියේය. "ඔයා හිස් වේලා තරුත් නෑ හදත් නෑ", යැයි පැවසු ඈ නැවත් ගමන ආරම්භ කරමින් පාළු මාවතකට පිවිසුණි.

"ඇයි මං මෙහෙ තොරගත්තේ මට නගරයේ ඉන්න තිබ්බා"."නෑ නෑ නගරේ බියකරුයි"."නෑ නෑ නගරේ ශබ්ද වැඩියි නගරේට වඩා ගම ලස්සනයි, නිදහස්, නිශ්ශබ්දයි" යැයි ආදි වශයෙන් විවිධ දේ මුමුණමින් ඇය ගමනේ යෙදූනේය. නගරයේන් එපිට පාළු ගම්මානයක වෙසෙන ඇයට තම රැකියා ස්ථානය සදහා යාමට ක්‍රිලොමිටර් දෙකක් පමණ බසයක්වත් නොමැතිව පාළු මාවතක යා යුතු වුවත් ඇය මේ ගමම තොරාගනු ලැබුවේ දරුණු සමාජයේ රුදුරු නොමිනිසුන්ගේන් ඇත්ව හුදකලාව ජිවත්විම සැපතක් යැයි සිතු බැවිනි."අම්මා ඔයාට ඉන්නයි තිබ්බේ මං ගාවා" එහෙනම් මං ඔයාව බලා ගන්නවානේ."තාත්තේ තාත්තාට කියන්න තිබ්බා අම්මාට" එහෙම කරන්න එපා කියලා ඇය නැවතත් මිමිණිමට පටන් ගති.

 "එහෙනම් අද" යැයි මුමුණන විටම මිදුමේන් වැසි ගිය පාළු මාවතේ ගස් පතර අතර කොළ පොඩි වි බිදෙන හඩ ලිසාට ඇහුණි. වෙනදාට නොමැති ඝන අඳුරක් ඈ වටා වේලෙන බව දැනුන ඇය පය ඉක්මන් කර පිටත් වුයේ කිරිගැහෙන හදවත එක් අතකින් තද කරගනිමින්.අඩි කිහිපයක් ඉදිරියට ගිය විට මුළු මාවතම නොපෙනෙන ඝන අඳුරකින්  පරිසරය වසා ගත්තේ ඇගේ "මිමිණිම අතුරුදහන් කරමින් ය. "ලිසා", "ලිසා කාගේදෝ හඬක් ඇසි නැසි ගියේ ය.

Saturday, 8 January 2022

මතකයන්

 දවසක් 

එක්තරා දවසක
මතකද නුඹ පැවසු වදන
මා යයි දවසක
මතකයන් මහවැලියට කැටි කොට

මහවැලිය නම් දුරයි මට
ලඟම කුරු ගඟයි මට
නොදනනෙමි එහෙත් මං
මතකයන් කැටි කරන ආකාරය



Tuesday, 4 January 2022

බිළිදෙකු හඬයි.

 බිළිදෙකු හඬයි.

 




පුත නුඹට පස් මසයි
නුඹේ මවගේ නව ගැබට දෙමසයි
ඛේදයකි පුත නුඹේ ඉරණම
වැළැක්විය නොහැක එය


පියා නික්ම ඇත නුඹ ඇයට පුද දි
මවටද නොදැනෙ නුඹේ වටිනාකම ඉතින්
රාගයක පහස වින්ද ද
ඈ නොදනි පුත මේ බියකරු සසර

තලයි කයි ඇය 
ගැට අන්නාසි නිතරම
බල කරයි පිටව යන්නට 
ඇගේ ගැබෙන් නුඹට
ඈ සොයයි ඈ එබේයි 
ඇයට මඟහැරි ඇගේ තාරුණ්‍යය
ඈ පතයි ඈ සොයයි
නුඹෙන් නික්මෙන ගමන් මඟ

ඇයගෙ ලේ නහර මස් මත 
වැඩිය යුතු  නුඹව පුත
ඇයම පොඩි කර ඇයම වළදමයි
හැගිම් දැනිම් නොදැනෙන ගානට

පියාට නොදැනුන මවට නොහැඟුනු 
නුඹේ උණුසුම
පතනවා ඇති පුත තවත් දෙපළක්
 සැමදින...
කූරිරු මේ සසරේ පව්
ගෙවයි පුත නුඹ මෙන්ම අප
දුක් නොවන් මේ සසර
හිමිවේ දිනක නිවනම.



බොඳව යන මඟ

සිහින බොඳ වුණ වසන්තය හඬන්නට සිතයි මට බොහෝම නැවිත්ම හිටියා නම් නුඹ ලගට විඩාබර නොවේ හදවතට නික්මිමට අර ඇද්ද හිත මටම සරදම්ව නොකීව සටහනක තිතක් තැ...