Sunday 20 February 2022

මගේ වැරදි

 දුටුවත් නුඹ මගේ වැරදිම සැම දින
සත්තයි නෑ කරේ හිතා මතා කිසිදු වරදක් මෙතෙම
තෙරුම් ගෙන ඇසුවානම් මොහොතක් හඩන හදවත 
නොගෙන සිටිවි මමත් මෙවැනි දරදඩු තිරණ අනේ

නොහැකි දැවටෙන්න ඔය හදේ පෙරමන්ව
ලැගුම් දෙන්න තවකෙක්ට සැනසෙන්න
එන්නට හිතක් නොදෙවි යළි කිසිදාක
නුඹ ලග දැවටි වුන් මා මැරුවේ මා අතින්ම 

නොදෙවි සමාවක් නුඹ මට කිසිදාක
කම් නෑ හදවතක් නෑ මට කිසිදාක
පෙර කෙරු පව් ඇතැත් තව නොනිමි
මේ භාවයෙත් රැස් කරේ නොදැනිමි



Saturday 5 February 2022

ඇදුරු සඳ

 ශිල්ප ශාස්ත්‍ර අතර
ජිවිතයේ පරතෙර සොයන
ළාබාලම සිසු කැල අප
සිප් සතර හැදෑරූ
ශිල්ප ශාස්ත්‍ර අතර
නැණ මිණි පහන දල්වමින්
ජිවිත  මංපෙත පෙන්නු
අප ඇදුරු සඳයි නුඹ

එළඹ ඇත කෙටි දුරස් විමක් 
දැනෙයි එය මහමෙරක් මෙන්ම
දුරස් වුවත් අප
හදවතේ ඇදුරු සඳයි නුඹ
පතන්නම් සඳ නුඹට
දිර්ඝායු වේවා! සැම දින

බොඳව යන මඟ

සිහින බොඳ වුණ වසන්තය හඬන්නට සිතයි මට බොහෝම නැවිත්ම හිටියා නම් නුඹ ලගට විඩාබර නොවේ හදවතට නික්මිමට අර ඇද්ද හිත මටම සරදම්ව නොකීව සටහනක තිතක් තැ...