Sunday 9 January 2022

මා නොවන ඇය නොවන ඈ

 

ලිසා



ක්‍රිරික්... ක්‍රිරික්... ක්‍රිරික්.. කරුමක්කාර ඔරලෝසුව අදත් හිමිදිරියේම නාද වෙන්නේ ලිසා අවදිවිය යුතු බව දන්වමින්ය. ගසක වෙලි ඇති වැලක් ගසකින් අමාරුවෙන් ගලවා ගන්නක් මෙන් ඇලි මැලි ගතිය කඩමින් බැරි බරගාතේම ඇදෙන් නැගි ඉවත්ව එලාම් එක ඔෆ් කෙරු ඈ අදුරෙම අතපත ගාමින් ලයිට් එක දැමුවේ ඇයටම ශාප කරමින් ය. කම්මැලි කමින්ම ඇය කාබරයේ එහා මෙහා යමින් අද සුදානම් විය යුතු ඇදුම සෙව්වා ය. "හරි හම්බ වුණා" ජයග්‍රාහී අන්දමින් පැවසු ඈ එය පසකින් තබමින් එළියට බැස ගේ ඉදිරිපිට ඇති දොළට ගියේ මුහුණ අතපය සොදා පිරිසිදු විම සඳහා ය. එම රාජකාරිය නිමාකර නැවතත් කාබරය වෙත පැමිණ ඇයගේ රැකියාව සදහා යාමට සුදානම්ව ඇද පැළඳගත් ඇය කාණ්ණාඩිය ඉදිරිපිට සිටගත්තේ ඇගේ හැඩ වැඩ බැලිම සඳහ යි. "ලස්සනයි", "ඔයා ගොඩක් ලස්සනයි" ලිසා. "සුරංගනාවියක් වගේ". "මගේ ලස්සන කෙල්ල ඔයා" ඇය ඇයටම මුමුණමින් වේලාව බැලුවේය. ම්.. තාම 5.35යි. පැවසු ඈ තේ එකක් ද සාදාගෙන බැල්කනිය වෙත ගියේ ඇගේ ජිවන ප්‍රදේශයේ සුන්දරත්වය විදිමටය. 

කඳු පංති අතරින් මැදිව කොළපාටින් පිරුණු පරිසරයකට මැදිව හුදකලාව පැවති ඇගේ දෙමහල් නිවස සැබවින්ම අපූර්ව රටා පාන්නකි. "ඔහු ඇයව වැළඳ ගන්නවා", "නෑ නෑ කව්ද කෙනෙක් රන් අසිපතකින් ඔවුනව ඉරා දමනවා". "ඔවුන් කැලි කැලි ව විසිරේනවා" ඇය කඳු පංති සහ ඝන මිදුම් පටල ඉරමින් වැටෙන හිරු කිරණ දෙස බලමින් මිමිණිය. තවත් මද වේලාවක් ඒ දෙසම බලා සිටි ඇය තේ එකද පානය කර අහවරව නැවතත් කාබරය වෙත පැමිණ වේලාව බැලුවේය. හ්ම් හයටත් වේලා දැන් යන්න ඕනි කියා මිමිණුව ඈ දොරවල් වසමින් මිදුලට බැස අඩි කිහිපයක් ගොස් අහස දෙස බලා සිටියේය. "ඔයා හිස් වේලා තරුත් නෑ හදත් නෑ", යැයි පැවසු ඈ නැවත් ගමන ආරම්භ කරමින් පාළු මාවතකට පිවිසුණි.

"ඇයි මං මෙහෙ තොරගත්තේ මට නගරයේ ඉන්න තිබ්බා"."නෑ නෑ නගරේ බියකරුයි"."නෑ නෑ නගරේ ශබ්ද වැඩියි නගරේට වඩා ගම ලස්සනයි, නිදහස්, නිශ්ශබ්දයි" යැයි ආදි වශයෙන් විවිධ දේ මුමුණමින් ඇය ගමනේ යෙදූනේය. නගරයේන් එපිට පාළු ගම්මානයක වෙසෙන ඇයට තම රැකියා ස්ථානය සදහා යාමට ක්‍රිලොමිටර් දෙකක් පමණ බසයක්වත් නොමැතිව පාළු මාවතක යා යුතු වුවත් ඇය මේ ගමම තොරාගනු ලැබුවේ දරුණු සමාජයේ රුදුරු නොමිනිසුන්ගේන් ඇත්ව හුදකලාව ජිවත්විම සැපතක් යැයි සිතු බැවිනි."අම්මා ඔයාට ඉන්නයි තිබ්බේ මං ගාවා" එහෙනම් මං ඔයාව බලා ගන්නවානේ."තාත්තේ තාත්තාට කියන්න තිබ්බා අම්මාට" එහෙම කරන්න එපා කියලා ඇය නැවතත් මිමිණිමට පටන් ගති.

 "එහෙනම් අද" යැයි මුමුණන විටම මිදුමේන් වැසි ගිය පාළු මාවතේ ගස් පතර අතර කොළ පොඩි වි බිදෙන හඩ ලිසාට ඇහුණි. වෙනදාට නොමැති ඝන අඳුරක් ඈ වටා වේලෙන බව දැනුන ඇය පය ඉක්මන් කර පිටත් වුයේ කිරිගැහෙන හදවත එක් අතකින් තද කරගනිමින්.අඩි කිහිපයක් ඉදිරියට ගිය විට මුළු මාවතම නොපෙනෙන ඝන අඳුරකින්  පරිසරය වසා ගත්තේ ඇගේ "මිමිණිම අතුරුදහන් කරමින් ය. "ලිසා", "ලිසා කාගේදෝ හඬක් ඇසි නැසි ගියේ ය.

11 comments:

බොඳව යන මඟ

සිහින බොඳ වුණ වසන්තය හඬන්නට සිතයි මට බොහෝම නැවිත්ම හිටියා නම් නුඹ ලගට විඩාබර නොවේ හදවතට නික්මිමට අර ඇද්ද හිත මටම සරදම්ව නොකීව සටහනක තිතක් තැ...