Sunday 31 October 2021

කවි

 

වැස්ස








සියොළගම හිරිකඩ සිඹින
සිටිගමන් ඇද හැලෙන පොද වැස්ස
කියන්න ද කාරණාවක් මම ඔබට
ඇද සැලෙන නුඹ වගේම ය මං ද


ජිවිතයේ බර නුඹට 
වැඩිපුරම දැනෙනවා ද
ළසො ගින්න වැඩිපුරම
නුඹ මතම දැවෙනවද
දරාගන්න බැරුව නලියන
ළය නිතර පැලෙනවද 
ඉවසනුව කියති නොවේද නිතරම
...........හදවත..........


ඝන අදුර නිතරම  නුඹ සිඹ්න
නොමිනිසුන් ගුගුරන හඩ
ඉවසනු බැරිම තැන 
නුඹ කදුලැලි සලනව ද 
විදුලි අකුණු කඩු පහර
නුඹේ ළය පලන කොට
රිදෙනවා ද මහ ගොඩක්
කදුලු ගංගා සැලුමට

රිදෙන විට නුඹ හඩන හැටි
දැක්කද ලෝකයා
නොහැකි වේවි දැකුමට
හදවත් තුළ ම ඇවිලෙන 
ළය ගින්න...












 


බොඳව යන මඟ

සිහින බොඳ වුණ වසන්තය හඬන්නට සිතයි මට බොහෝම නැවිත්ම හිටියා නම් නුඹ ලගට විඩාබර නොවේ හදවතට නික්මිමට අර ඇද්ද හිත මටම සරදම්ව නොකීව සටහනක තිතක් තැ...