Friday 14 January 2022

ගස්

වෙන්න නුඹත් ගසක්



කර්කෂක පොළවෙත්
සරුසාර පොළවෙත්
නැගි සිටින්නේ ශක්තිවන්තයන්මයි

ගිනි ගහන අව්වේත්
ජල පොදක් නැති පොළවේත්
නැගි සිටින්නේ ශක්තිවන්තයන්මයි

හිරු සිඹින කතරෙත්
හිම වැටෙන ශිතලෙත්
දරන් නැකිටින්නේ ශක්තිවන්තයින්මයි

සැඩ සුළං මාරුතවල
ඇඹරි වැටි නැකිටින
සැඩ දිය පහරවල් වලත්
දරාගෙන ඇඹරිගෙන
වස්සානේ මෙන්ම ගිම්හානෙත්
හරි ලස්සනට හින හී ගෙන
සෙවන බෙදයි ලොකයට

හැකිනම් ඔබට
වන්නට ගසක්
ඔබත් ශක්ති වන්තයෙක්



4 comments:

බොඳව යන මඟ

සිහින බොඳ වුණ වසන්තය හඬන්නට සිතයි මට බොහෝම නැවිත්ම හිටියා නම් නුඹ ලගට විඩාබර නොවේ හදවතට නික්මිමට අර ඇද්ද හිත මටම සරදම්ව නොකීව සටහනක තිතක් තැ...