බිළිදෙකු හඬයි.
පුත නුඹට පස් මසයි
නුඹේ මවගේ නව ගැබට දෙමසයි
ඛේදයකි පුත නුඹේ ඉරණම
වැළැක්විය නොහැක එය
පියා නික්ම ඇත නුඹ ඇයට පුද දි
මවටද නොදැනෙ නුඹේ වටිනාකම ඉතින්
රාගයක පහස වින්ද ද
ඈ නොදනි පුත මේ බියකරු සසර
තලයි කයි ඇය
ගැට අන්නාසි නිතරම
බල කරයි පිටව යන්නට
ඇගේ ගැබෙන් නුඹට
ඈ සොයයි ඈ එබේයි
ඇයට මඟහැරි ඇගේ තාරුණ්‍යය
ඈ පතයි ඈ සොයයි
නුඹෙන් නික්මෙන ගමන් මඟ
ඇයගෙ ලේ නහර මස් මත
වැඩිය යුතු නුඹව පුත
ඇයම පොඩි කර ඇයම වළදමයි
හැගිම් දැනිම් නොදැනෙන ගානට
පියාට නොදැනුන මවට නොහැඟුනු
නුඹේ උණුසුම
පතනවා ඇති පුත තවත් දෙපළක්
සැමදින...
කූරිරු මේ සසරේ පව්
ගෙවයි පුත නුඹ මෙන්ම අප
දුක් නොවන් මේ සසර
හිමිවේ දිනක නිවනම.
හරිම ලස්සනයි...🥳🥳
ReplyDeleteThank you
Delete😥
ReplyDelete❤️
Delete