Friday 14 January 2022

විසෙකාරි

 ඔව් ඒ මම තමයි

හින් හිරිකඩක තෙමෙන්නට
අහස් ගැබ තුළ හිස හොවා
වරුවක් හිදින්නට
පුර පෝදාක හඳ දෙසම බලන්නට
තාමත් කැමති විසෙකාර කෙල්ලමයි
මම තාම

ගිගුරුම් දෙන වර්ෂා මැදත්
සුන්දරම අහස් ගැබ තුළත්
තවමත් එදා මෙන්ම
විවිධ ජිවිත දකින
විසේකාර කෙල්ලමයි මං තාම

තොරක් තොරොංචියක් නැතුව
සිතු දේම පවසන
අනුන් ගැන සිත සිතා
නිතර පැළෙන ළය දරන
ඔව් ඒ මම තමයි
විසේකාර කෙල්ල තාම

පිටත පෙනුමෙන් ඇද අසන
නොපෙනෙන ස්වරූපම ධරන 
සෑබෑ කලියකි මමද
මිනිස් වෙස් මතින් පැරෙන

දහසකුත් කතා මැද
කකියන ළය දොත ධරන 
ඔව් ඒ මම තමයි
විසේකාර කෙල්ල තාම





13 comments:

බොඳව යන මඟ

සිහින බොඳ වුණ වසන්තය හඬන්නට සිතයි මට බොහෝම නැවිත්ම හිටියා නම් නුඹ ලගට විඩාබර නොවේ හදවතට නික්මිමට අර ඇද්ද හිත මටම සරදම්ව නොකීව සටහනක තිතක් තැ...