Saturday 22 January 2022

ගීත විචාර 02

 පොඩ්ඩියේ


සමාජයක් තුළ විවිධාකාර මිනිසුන් ජිවත් වන අතර බහුතරයක් මිනිසුන් තමන්ගේ වැරදි නොපෙන්වා අනුන් හිංසාවට පිඩාවට පත්කරම්න් විවිධාකාරයෙන් කුරිරු සතුටක් ලබයි. එවැනි මිනිසුන් අතින් තමන්ගේ අම්මා ගණිකාවක් විම නිසා සැවොම සතුටින් ඉන්න අවශ්‍ය දවසක් වන අලුත් අවුරැද්ද තුළ තමන්ගේ අම්මාට වදින්න බෑ කියන නංගිට අයියා කෙනෙක් ලබාදෙන උපදෙසයක් හා තරවට්ටුවක් ලෙස ටිම්රන් කිර්තිගේ පද රචනයෙන් හා සුන්දර බන්ඩාර‌ගේ ගායනයෙන් අපුර්ව නිර්මාණයක් නිර්මාණය කර ඇත. ඒය මෙසේය.

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම

වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කොම

බක්මහේ කොවුල් බින්ජු පුපුරණ දාක

නංගියේ අම්මාගෙන් උඹ ඉල්ලනවද ගෙම

ආදරණිය ආමන්ත්‍රණයකින් තම සොහොයූරියට කතා කරන සහොදරයා ඇයට උපදේශයක් දෙන්නේ මෙසේ ය. පොඩ්ඩියේ මිනිසුන් මොනවා කිව්වත් උබ මොනවා හිතුවත් අම්මා කියන්නේ අම්මාටමයි. උබ ඔහොම කරා කියලා එක වෙනස් වෙන්නේ නෑ. සමහරවිට ඈයට වරදින්නේ ඇත්තේ අපි නිසා වෙන්න පුළුවන්. ඇයට අපිව උස්මහත් කරන්න අපිව රැකගන්න එහෙම කරන්න වෙන්න ඇති. ඉතින් නංගියේ එහෙම අම්මා එක්ක අද වගේ වැදගත් සතුටින් සාමයෙන් ඉන්න ඕනි දවසක උබ ඔහොම දබර කරනවද? ලෙස ආදරණිය ලෙස තම සහොදරියට උපදෙස්  ලබාදෙන උගත් සහොදරයෙකුගේ ලක්ෂණ ප්‍රතිනිර්මාණය වන ආකාරයට මෙම ීතය රචකයා විසින් මෙසේ ආරම්භ කරයි.

තනේ කඩා විසිකර පත්තිනි වි නම්

අනේ හමතේ අපි මැරිලා එහෙනම්

වනේ පාරන්නේ වන එල විස වි නම්

නගේ දැන් යමන් පඬි පුර ගිනි තියපන්

 

තම සහොදරියට නිවැරදිව උපදෙස් දිම සදහා අතීත පුරාණ කතාවක් උදාහරණ කර ගන්නා සහොදරයා තම සහොදරියට මෙසේ පවසයි. නංගියේ උබ දන්නවාද පත්තිනි දෙව් ගැන. ඇය කන්නකිව ඉපද ඉන්නා විට ඇයගේ ස්වාමියා තමයි කොලන්. උබ දන්නවාද මේ කොලන් කන්නකිගේ පා සලඹක් අරන් ගිහින් මදුරාපුරේට විකුණලා තියෙනවා.ඒ දවස්වලම මදුරාපුරේ රජ්ජුරුවන්ගේ බිරිඳගේ පා සලඹත් නැති වෙලා. එකත් කන්නකිගේ පා සළඹ වගේමලු. ඉතින් මෙකට මේ කොලන්ව අහුවෙලා තියෙයි. එක නිසා ඔහුව මරන්න නියම වෙවෙ තියෙයි. උබ දන්නවද එතකොට කන්නකි මොකද කරේ කියලා. ඇය එතනට ගිහින් ඇගේ පතිභක්තිය පෙන්නලා ඇගේ සැමියාව බේරගන්න ඇගේ එක පියයුරක් කඩලා අරන් පොළේ ගහලා මුළු මදුරාපුරේම ගිනි තිබ්බලු. උබ දන්නවද නංගියේ අපේ අම්මට එහෙම බලයක් නෑ. අපේ අම්මාත් පත්තිනි වගේ පතිභක්තිය රැකගෙන හිටියානම් අපිට කන්න බොන්න නැතුව අපි මැරිලා. උබ දන්නවද පත්තිනි මැණියො තරම් අපේ අම්මා උසස් නෑ. ඒ වුනාට ඇය හින්දයි අපි තවමත් ජිවත් වෙන්නේ.  උබ කියන්නේ මිනිස්සුන්ගේ කතා නිසා උබට මේ කිසි දෙයකින් වැඩක් නෑ කියලාද ?ආදි වශයෙන් සහොදරියටගේ හදවතට දැනෙන්න කතා කරන උපදෙස් අනුශාසනා දෙන ගුණවත් සහොදරයෙක්ගේ චරිතය මවන ආකාරයකින් මෙම ීතය ගලා යයී.

 

සතා කියා ඉදහිටකදි කිවට

කතා හදන උන් සේරම බොසත් ද

යකා වැඩෙන්නට පෙර උබේ අයියාට

කතන්දර එපා වැදපන් අම්මාට

 

මෙතරම් වේලා ආදරයෙයෙ සහොදරියට උපදෙස් ලබාදෙන අයියා යම් තරවට්ටුවක් ලෙස ද තම සහොදරියට උපදෙස් ලබා දේ. නංගියේ උබ දන්නවද මිනිස්සු කතා කියනවා. එක අපට නතර කරන්න බැහැ. උබ හිතනවද ඒ කතාන්දර කියන අය අපේ උතුම් බෞධිසත්වයන් වගේ පිරිසිදු, වැරදි නොකරන අය කියලා . නෑ නංගියේ නෑ. උන් ගාවත් වැරදි තියෙන්න පුළුවන් උන් එවා දකින්නේ නැතුව ඒවා හදා ගන්නේ නැතුව අනෙනෙ අයට ඇඟිල්ල දික් කරන්න පුළුවන්. උබ ඔය කතාන්දර අහලා ඔවා කියවන එක නතර කරපන්. ඔවා කියොලා අම්මා එක්ක වාදේට ගිහින් මේ අයියාගේ කෙන්තිය අවුස්සන්න එපා.

 

දං කද නැති දාක රංකද වි පෙනිලා

ලොකු හාමුදුරුවෝ අණකර බනපද එන්වා

මුචලින්දගේ ඇහේ නයි කදුලක් නැටුවා.

අපේ අම්මා බණ කතාවක් බුදු ගෙයි ලිව්වා

 

උබ දන්නවද නංගි මේ ලොකේ ගොඩක් මිනිස්සු ආත්මාර්ථකාමී අය. මොනදෙයින් වුනත් වාසි ගන්න බලා ඉන්නේ. උබ දන්නවද මිනිස්සුන්ගේ හිත නිවන මිනිසුන්ට පුජනීය ස්ථානයක් තමයි පන්සල. උබ දන්නවද නංගියේ මේවගේ පුජනීය ස්ථාන වලත් ඉන්නවා බොරුව මවාපාන බොරු වෙස්ගත්තු මිනිසුන්. දන්නවද දවසක් පන්සලට දානේ නෑ කියලා ගෙන්න පණිවිඩයක් ආවා හමුදුරුවන්ගෙන්. උබ දන්නවද ධර්මය දෙසනා කරන්න ඕනි උන්වහන්සේ අපේ අම්මාට අමුතුම දේශනාවක් දිලා තියෙන්නේ. උබ දන්නවද පොඩ්ඩියේ මිනිස්සු සැනසීම නිවිම හොයාගන යන තැන්වලිනුත් මිනිසුන් පිච්චේනවා. හැමොම බලාන් ඉන්නේ තමන්ට අවශ්‍ය දේ කරගන්න. උබ කියන්නේ මෙහෙම වෙන්නේ අම්මාගේ වැරදි වලින් විතරයි කියලාද නෑ පොඩ්ඩ්යේ නෑ. ඇයට මෙහෙම වෙන්න මේ සමාජයත් බලපෑවා. මේ සමාජෙ පෙන් තරම් සුන්දර නෑ පොඩ්ඩේයේ. සෑම මිනිසෙක්ම පරිපුරණත් නෑ. ආඳි ලෙස තම සහොදරියට උගත් බුද්ධිමත් සහොදරයෙක් ලෙස උපදෙස් දෙන ලෙස මෙම ගීතය නිර්මාණය කර ඇත.

 

රත්වුණු යකඩ ලොකුරු ගැහැණුත් තැනුවා

මත්වුණ බඹරු ඉටිමල් පොකුරේත් වැහුවා

ඇත්තට ලොකේ ගැන උබ දන්නේ මොනවා

පත්තිනි සලුවලත් ඇත් තුත්තිරි තිබ්බා

 උබ දන්නවද නංගියේ මිනිස්සු තැලෙන්න තැලෙන්න තමයි ශක්තිමත් වෙන්නේ. උබ දන්නවද නංගියේ ලොහ වැඩ කරන කාන්තාවනුත් යකඩ රත් වුණාහම තලනවා ඒවගේ තමයි බඹරු පෑණිවලට පිස්සු වැටිහ ඇවිදිද්දි උන්ට ඉටිමල් පොකුරක් හම්බ වුනොත් එකෙත් වහනවා.  උබ දන්නවද මේ ලොකේ මිනිස්සු විවිධාකාරයි. උබ ඇත්තටම මේ ලොකේ ගැන දන්නේ නෑ නංගියේ. මිනිස්සු පෙන ස්වරූපයට වඩා ඇතුළතින් ගොඩක් වෙනස්. හොද මුණක් පෙන්නන මිනිස්සුත් අපි හිතනවාට වඩා වෙනස් වෙන්න පුළුවන්.

 

ආදරණිය ලෙස තම සහොදරියට උගත් භාවයකින් හා දැනුමෙකින් යුතු සහොදරයෙයෙ සමාජය ගැන දැනුම තම සහොදරියට සංජානනය කරන්නට හා තමාට ලැබූ  මවගේ වටිනාකම ඇයට කියා දිම සදහා  සමාජ සංසිද්ධීන් අතරින් පහදා දිමට ගන්නා උත්සාහයක් ලෙස මෙම ගීතය නිර්මාණය කර ඇත. මෙම ීතය ඉතා අගනා නිර්මාණයකි. නමුත් මේය ශ්‍රවනය කරන මා හට ඇතැම් අවස්ථාවලදී මේය ගාණිකා වෘත්තීය සාධාරණිකරයක් කරන්නට උත්සාහ දරන්නේද යන ගැටලුවක් ද පැන නගිනු ලබයි. කෙසේ වුවද සමාජ සංසිද්ධීන් මවමින් නිර්මාණය කර ඇති මෙම ීතය ඉතා අගනා නිර්මාණයක් බව නම් අනිවාර්යයෙන් පැහැදිලි කරුණකි.




5 comments:

බොඳව යන මඟ

සිහින බොඳ වුණ වසන්තය හඬන්නට සිතයි මට බොහෝම නැවිත්ම හිටියා නම් නුඹ ලගට විඩාබර නොවේ හදවතට නික්මිමට අර ඇද්ද හිත මටම සරදම්ව නොකීව සටහනක තිතක් තැ...