Wednesday 12 January 2022

ගීත විචාර 01




හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
 දුම්රිය පොළ පෙම්වතුන්ගේ සරසවි උයන


සරසවිය කෙතරම් සොදුරු ස්ථානයක් ද සමරුන් එහි මිහිරිමතකයන් විදිද්දි ඇතමුන් එහි අමිහිරි මතකයන් වලින් මිරිකෙනවා ඇති.
2003-2004 වර්ෂයේ අපුර්ව සිදුවිමක් වෙනවා පෙරදේණි සරසවිය තුළ. මෙම සරසවියට සුපිරි මොළකරුවෙක් තෙරෙනවා පොල්ගහවෙල පැත්තේ ඉදන්. මොකද දන්නවද ඔහුට සුපිරි මොළකරුවෙක් කියන්නේ ඔහු තෙරෙන්නේ මුළු ලංකාවේන්ම 10 දෙනෙක් විතරක් තොරගන්න භූ ගර්භ විද්‍යාව හදාරන්න. පවුලේ එකම දරුවා වෙන මොහුට කැම්පස් එකෙන් ලැබෙන කාඩ් එක තමයි බොනපාට්. බොනපාට් ගැන කියන විදිහට නම් හොද පෙනුමක් මෙන්ම අවංක පුද්ගලයෙක් තමයි මොහු. 

 මේ බොනපාට් පොල්ගහවෙල පැත්තේ ඉදන්ම එන තරුණියක් එක්ක පෙම සම්බන්ධතාවයක් පටන් ගන්නවා ඇයගේ නම සොබනි. දුම්රිය පොළක් සහිත එකම සරසවිය පෙරදේණිය සරසවිය විම නිසා මොහුන්ට එන්න යන්න කිසිම අපහසුවක් තිබ්බේ නැ. මොහුන් දෙදෙනා නිවාඩුවට ගෙදර ගියේ ආවේ කොච්චියේ එකටලු. ගෙවල්වලින්වත් මෙම සම්බන්ධයට කිසිම විරොධයක් තිබිලා නෑ. මොහුන් දෙදෙනා ගොඩක් ආදරයෙන් හිටියාලු. ටික කාලයක් යද්දි සොබනි මෙම බොනපාට්ව අතහැර වෙනත් සම්බන්ධන් පටන් ගත්තාලු. සංවේදි හිතක් තිබ්බ බොනපාට්ට මෙක දරාගන්න බැරි වෙලා තියෙයි.

 ඔහු හොරෙන්ම සරසවිය තුළින් ගත්ත රසායනික කැට වාගයක් අරන් හාන්තානේ මාක්ස් නෙවාසිගාරයට පිටුපස ඇති ෆයිනස් කැළයට යනවා. ගිහින් අවසන් වරටත් සොබනිට කොල් එකක් ගන්න උත්සාහ කරනවා. ඒත් මොකක්දෝ හේතුවක් නිසා එම උත්සාහය අසාර්ථක විමත් සමග සුපිරි දක්ෂයෙක් සංවවේදී හිතක් ඇති මොළකරුවෙක් ‌මෙළොවින් සමුගන්නවා. 

 මෙම අමිහිරි මෙන්ම සංවේදි කතාව පාදක කරගනිමින් විශාරද පුජ්‍ය කවි කිර්ති හිම්ගේ පද රචනයෙන් ද රොෂාන් ප්‍රනාන්දු ගේ ගායනයෙන් හා දෙනුවන් කවුෂන්කගේ සංගීතය තුළින් හමුවෙන්නට සමුගන්නට ගිතය නිර්මාණය වෙනවා.

 හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
 දුම්රිය පොළ පෙම්වතුන්ගේ සරසවි උයන
 අවුරුද්දම තුරුලිය ගොමු මලින් සැරසුන
 අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

 අපි තනිවුණු විට අපේ සුන්දර මතක අපේ හිත පාරවමින් මතක් වෙනවා. බොනපාට් තනි වුනාහමත් ඔහු දුම්රිය පොළින් එද්දි යද්දි සරසවිය තුළ ඔවුන් ගත කළ සුන්දර මොහොතවල් මතක් වෙලා ඔහුගේ හදවත කකියන්න ඇති. ඔයා මං ගාව නැතත්, තාම මේ මග දෙපස ගස්වැල් වල මල් පිපිලා හරිම ලස්සනයි. ඒ දවස් වගේම. අපි වෙන් වුනත් පරිසරය තාම හරි සුන්දරයි. හරියට අපි දෙන්නා අයේ එනකම් බලන් ඉන්නවා වගේ.තනිකමින් මිරිකුණ බොනපාට්ට මෙහෙම දැනෙන්න ඇති.

 මලක නැවුම් සුවඳ පිරුණු සොදුරු මද නළ
 ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවන
 සද ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
 ඔබ ඇවිදින් ගිහින් මගේ හිතත් අරගෙන

 මෙම පරිසරයේ ගස් වැල් මල්වලින් පමණක් නෙවෙයි මේ හමන සුළගින් පවා හමන්නේ ඔයගේ මතකය. මේ හැම දෙයක්ම දකින මගේ හදවතට හිතේන්නේ මෙ සිදුවිම් සියල්ල ඔයා කො? ඔයා ‌කොහෙද? කියලා අහනවා වගේ. ඉර කෙතරම් අවශ්‍ය වුවත් මිනිසුන් ආස හදට. මොකද හද තමයි මිනිස්සුන්ට සැනසීම සෞම්‍ය ලබා දෙන්නේ. ඔයා දන්නවද මගේ ජිවිතයේ සැනසීම තමයි ඔයා. ඔයා ගියායින් පස්සේ මගේ මුළු සැනසීම නැතිවේලා. ඔයා ගියේ නිකන් නෙමෙයි මගේ ජිවිතේ සැනසිමේ හදත් අරගෙන. 

 නෙතින් නෙතට එබි බලා ගන්න හදවත
 ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
 ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනු කදුලට
 බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම

 මගේ ඇස් දිහා අයේ බලන්න. මගේ ඇස්වලින් දකින්න මගේ හදවත. මේ හදවත පෙරුම් පුරාගෙන ඇවිත් තියෙන්නේ ඔයා වෙනුවෙන් මයි. ඔයා නැතුව ජිවිතයක් නෑ මට. මේ හදවතට ඔයා වෙනුවෙන් හඬන්න දෙන්න එපා එක දරාගන්න බැරි වෙයි මට.සොබනි හැරගියාට පසුව බොනපාට්ට ඇතැම්විට මෙහෙම හිතෙන්න ඇති. 

 ඔහුගේ හිතට ඇතුළු වන රචකයා හරි අපුරුවට මෙම සිදුවීම මෙසෙ සුන්දරව අර්ථ ගන්නවා ඇත. 

ඇතැම්විට සොබනිටත් කවුරුත් නොදන්න කුමක්ම හරි හේතුවක් තියෙන්න ඇති බොනපාට්ව අතාරින්න. ඇයට උවමනා නම් ඔහුව අතාරින්න ඇයට තිබ්බා එය ඔහුට නිවරදිව තෙරුම්කරදි ඔහුගේ සිත සදාගන්න පුළුවන් විදිහට එය කරන්න. බොනපාට්ටත් තව හිතන්න තිබ්බා තමන්ගේ දෙමාපියන් ගැන. තමන්ගේ හින ගැන. තමන්ගේ මහන්සිය ගැන. මොකද අවුරුදු එකකට දෙකකට ලගට ආව අයට වඩා ජිවිතේ වැදගත් නැද්ද කුඩා කාලයේ සිටම අපේ දුකට සැපට ඉන්න දෙමාපියන්.එහෙම හිතලා තිරණ ගත්තා නම් සුපිරි මොළකරුවෙක් තවමත් අප අතර ඇත.

10 comments:

බොඳව යන මඟ

සිහින බොඳ වුණ වසන්තය හඬන්නට සිතයි මට බොහෝම නැවිත්ම හිටියා නම් නුඹ ලගට විඩාබර නොවේ හදවතට නික්මිමට අර ඇද්ද හිත මටම සරදම්ව නොකීව සටහනක තිතක් තැ...